තොබා
තොබා වනාහී අමුතුම තාලයේ ජීවියෙකි. එය මා පමණක් නොව තව දාහක් දෙනා ඔබට සනාථ කරනු නියතය :D. Unpredictable කියන වර්ගයේ ඉහළම ලෙස පරිණාමීය අවස්ථාවේ පවතින ජීවියෙකි. කොටින් ම කියනවා නම් ඔහු ඊළඟට කුමක් කරන්න යනවාදැයි ඔහු දන්නවාද යන්න පවා සැක සහිතය.:D ටියුබ් ලයිට් වලින් රාමා දුටු හොඳම එක තොබා වන අතර ඒක නිකන් උදේ තටමපු එකට හවස බෙට්ට ගියා වගේ තරම් ටියුබ් ලයිට් එකකි. :D එච්චරටම කොයිල් ය :D. මෙය කියෙව්වද ඔහුට දවස් තුන 4 ක්ම සිතීමෙන් පසු තේරෙන්නට පුළුවන. ඔහොම පෙන්නුවාට ඕකා හෙන ප්ලෑන් කාරයාය :D . මොකා මොනා කරත් රාමාට හොරා ඕවා කරන්න නම් බැරිය. ;)
තොබා කෑමට රුසියාය. කන්න පටන් ගත්තාම නවත්තා ගන්නට බැරිය. අහුවෙන ඕනෙ කුණු ගොඩක් කන්නට ඔහු ලෑස්තිය :D. ඉහත රූපයේ එය මනාව පිළිඹිබු වේ ^_^. තරගෙට උණත් ඔහොම බනිස් ගෙඩිය කටේ ඔබා ගන්න ලේසි පහසු මිනිහෙක්ට නම් බැරිය. රාම වැඩිය කෑම පැත්තට නැති ( ^_^ ) නිසා රාමා අනික් අය කන වෙලාවට ඕවා බලන් ඉන්නේය. තොබාට කුකුළෙකු හම්බුනාම ඌ විඳින දුක මෙසේයැයි කියා නිම කල නොහැක :D. යන්තමින් ඉදිරියට නෙරා ඇති තොබාගේ කෘන්තක හා රදනක දත් දෙපේළිය කුකුළාගේ මස් ඉරා ගැනීමට එන්නේ රා කල සොළොසක් පෙව් නාලාගිරි හස්තියා මෙනි. කුම්භකර්නයාට අසුවූ වානර හමුදාව මෙන් ඒ බිහිසුණු ඉරණමට ගොදුරු වන මස් කැබලි තූ තූ වී යයි. එය මිනිසෙකු කවදාවත් නොදැකිය යුතු දර්ශනයකි. :/ :D
කුකුළන් ගැන කතා කරන විට නිබධයෙන්ම මුවට එන වචනය තොබාය :D. තොබා ස්වාභාවයෙන්ම හෙනම කුකුළාය. ගෑල්ළමයෙක් දුටු වහාම ඉබේම අර්ධව විවෘත වන මුඛය තුළින් කෙළ ධාරා ගැලීමට පටන් ගනී :D . ඇස් දෙක කලවැද්දෙකුගේ මෙන් වෙයි :D. දිව එළියට එයි. එකී මෙකී නොකී සියලු දේවල් උණු පසුව කන්න වගේ බලන් ඉදී :D . මේ සියල්ල වූවා කියන්නේ ඒ කෙල්ලට කලු කුමාර දිෂ්ටිය වැටුණා හා සමානය. ආයේ ඉතින් බේරුමක් නම් නැත :D. දැන් දැන් කොල්ලා ශාස්ත්‍ර පීඨය පැත්තේ නිතරම කරක් ගසනු දක්නට හැකිය.ඒ කියන්නේ තවත් අසරණ දැරිවියකට සොරි තමාය. :D
පැන්ඩා
රූපෙ දැකල සැලෙන්ඩ එපා..!! කට වටේ තියෙන්නෙ යෝගට්...;) :D පැන්ඩා ගැන දන්නා ඔබ මේ පොටෝ එක දැක්කට කලබල නොවනු ඇත. නමුත් යෝගට් කීවම කලබල වන්නට ඇත :D. මන්ද ඔවුන්ට මෙතන අසාමාන්‍ය දෙය යෝගට් වන නිසාවෙනි ;) .
පැන්ඩා වනාහී "කියුට්" ජිවියෙකි. සුදු පැහැති බෝලයක් වැනි පෙනුමක් ඇති පැන්ඩාගේ ලාක්ෂණිකය වන්නේ බෝල ගෙඩියක් වන් බඩයි ^_^ .
පැන්ඩා ගැන කතා කරන විට බඩ විශේෂ ස්ථානයක් ගනී. එය එසේ මෙසේ බඩක් නොවේ. සිය දහස් ගණන් ආල කරන තත්වයේ බඩකි. :D ඇත්තටම එම බඩ ආල හැඟුම් උපදවන සුළුය. ඔය බඩ ඔහු විසින් ඔය ගානටම පවත්යාගෙන යයි. 12 වසරට පැන්ඩා රාමාගේ පන්තියට ආව දවසේ ඉදන්ම ඔය බඩ ඔය ගානමය. ඔකාට පැන්ඩා කියා නම දැම්මේ ද රාමා මය. ^_^
ඔය ඇඳන් සිටින කමිසයේ ඇත්තේ ලොකු කතාවකි :D. කොටින්ම කිවොත් අයෙ කතාව එකෙන්ම සිරාය. පැන්ඩා හෙන "රොක්" ය.. ;) ඕනෑම කෙනෙක් "රොක්" කිරීමට තරම් කොල්ලා දස්සය. දමිත්‍ර, දනුජය එහෙම පැන්ඩා නිසා හොඳින් රොක් වූ අයය :D. කෙතරම් රොක් වීද යත් දෙදෙනා අතර දැන් තරඟයක් පවා ඇතිවී ඇත. මොනා උනත් දනුජය වැඩකරුවාය ;) . දමිත්‍ර ට හොරෙන් ගේම අරන් යෑමට කොල්ලා දස්සය. :D
පාසැල් කාලේ දී හ පැන්ඩා ට ඔය ගතිගුණ එහෙම්මම තිබිණි. :D එකල පැන්ඩා ට වැසිකිළි සගයෙක් පවා සිටියේය :D (දන්නෝ දනිති.) . එකල දෙදෙනා වැසිකිළි යන්නේ හමදාම එකටය. කවුරුවත් නැති වෙලාවක් බලලාය. රාමා ටත් ඔවා දකිද්දී කට නළියන ප්‍රශ්නයක් තිබේ ^_^ . ඒ නිසාම අහිංසක කතා ගොඩක් එකල ඔහුට හැදුනේය. :D
"කියුට්" වට හිටියාට ඕකා අම්බ වල පැන්ඩෙකි :D. හේතු මූල මෙතන කියන එක හොඳ නැත. හිප්පොළට දෙවෙනි නොවන ඒ වල් කම වැඩිය පෙනෙන්නේ නැත. රාමා වගේ අහිංසක කොල්ලෝ ද නරක් වෙන්නේ ඔහොම උන් නිසාය ^_^ . අවසානයේ මේ දේ නම් කිව යුතුය. රාමා එදා මෙන්ම අදත් කියන්නේ පැන්ඩා නම් කවදාවත් කෙල්ලෙක්ව නම් බඳින්නේ නැත කියාය. වුණොත් බලමුකෝ..!! :D
හිපෝ
හිපෝ වනාහී common එකේ වැඩිපුරම කතා බහට ලක්වන චරිතය වන අතර කාගෙත් සුරතලාය. :D හිපෝ එළ කොල්ලෙකි, ජංගි හොරෙකි :D . රිදී තිරයේ බැබළෙන තරුවකි. :D හිපෝ ඔය තරුවක් වන්නට මග පෑදුවේ රාමාය. රාමාගේ කුළුදුල් චිත්‍ර පටයෙන් ( ^_^ ) හිපෝ සිනමාවට පා තැබුවේ ය. එක රැයින් ජනප්‍රිය (ජන අප්‍රිය ද දන්නේ නැත.) තලයට පත්වූයේ ඔහුගේ රංගන කුසලතාවය නිසාමය.
සිනමා දිවිය පසෙකින් තැබූ විට ඔහු ඉතා හොඳ ක්‍රීඩකයෙකි.Acadamics, weight training හා චෙස් ගැහිල්ල ( ;) :D ) තම ජීවිතය කරගත් ඔහු විනෝදාංශයක් ලෙස විකාරරූපී සිතුවිලි බුකියට යාවත්කාලීන කර අපේ 57 දෙනාගෙන්ම කුණු කතා අහගැනීමට කැමතිය.එය සිදුවන සංඛ්‍යාතය බලූ විට නොහිතා කරනවා වෙන්නට බැරිය.:D
හිපෝ ගැන නම් කීමට දාහක් දේ ඇත. මතක් වෙන්නේ නැත. එච්චරට ඇත.:D ඒවා කෙසේ වෙතත් ගෑල්ළමයින් ටික හිපෝට පන ඇරලාය. කොල්ලෝ ටිකත් එසේමය. ;) මාස කීපයක සිට weight training කර සාදාගත් ඔහුගේ පිරිපුන් ළැම දෙස නොබලන කෙනෙක් නැත. සමහරු ඉරිසියාවෙන්ද, සමහරු අසාවෙන්ද බලයි. ;) මොක උනත් කොල්ලාගේ පපුව නම් රත්තරන්ය. ^_^
හිපෝට එක එක මුහුණු ඇත. ඉහත දැක්වෙන්නේ ඔහුගේ කොයිල් මුහුණයි :D . වෙන්නේ කුමක්ද යයි සිතා ගත නොහැකි අවස්ථාවලදී මෙය දැකගත හැකිය. බලන්න අහින්සක කම. ^_^තවත් එක එක ජාතියේ මූණු ඇත. බොරු කියද්දී එකක්, මල පැන්නාම තව එකක්, කර උණාම තව එකක්, සෙවල පෙරන විට වෙනමම මුහුණක් :D (ඒ මුහුණ බොහෝ විට ජොකර් කෙනෙක්ගේ මුහුණට සම වෙයි.) වශයෙනි.
අහිංසක ලෙස පෙනුනාට ඕකා ද අම්බ වලයාය :D. රාමා වුවද නරක් උනෙ මුන් එක්ක ඉඳලාය. මේකට එද්දී රාමා අහිංසකයාය.. අහ්හ්....!!!! තව පොඩ්ඩෙන් අමතක වෙනවාය. :D පොදු කාමරයේ පුදුම 4ක් ඇත. ( දැනට :O ) එයින් එකක් වන්නේ හිප්පොළ ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු වීමයි. :D ඡායාරූපය දුටුවාම එයට පුදුම වීම අරුමයක් නොවන බව ඔබට වැටහෙන්නට ඇත. නමුත් එය සැබෑවකි. කෙසේ වුවත් තවම ඒ ගැන විවිධ මත පළවෙමින් පවතී :D. බොහෝ දෙනා විශ්වාස කරන්නේ සමීර හිප්පොළ යනු වෙනත් පුද්ගලයෙකු බවත්, මොහු ව්‍යාජ ලෙස පෙනී සිට ඉගෙන ගැනීමට යොදා ඇති "අස්සයෙක්" බවත් ය :D. රාමා නම් එය පිළිගන්නේ නැත :D. ඇයි යකෝ...!! ඇත්ත එකාට පිස්සු යැයි මේ වගේ එකෙක් එවන්න... :v :D :D



machan rama uba gna api liyanna da :D panda gna num jathiyata liyala thyenawa..panda ge thawa katha thyenawa ne ewath liya pn :D thobaaa gena num uba hoda ta adyanaya karala thanawa 100%k ma hari ..... digatma liyapn elama thama :D :D :D :D
ReplyDeleteඔක්කොම ලියන්න ගියොත් බ්න් බ්ලොග් එකම ලියන්න වෙන්නෙ එකෙක් ගැන තමා..:D ඒ හින්ද පොඩ්ඩක් අඩු කරල ලිවේ..;) රාමා ගැන මොනා ලියන්නද බොල.. ඌ හොඳ කොල්ලනෙ... ^_^
DeleteMe wage ekk thama ona wela thibune...
ReplyDelete