Friday, May 30, 2014

Common ඇත්තෝ..!!

 

 

                     පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨ පොදු කාමරය හා එහි අවට වනාහී ජෛව විවිධත්වයේ හිණි පෙත්තට නැගි ස්ථානයකි. පිටතට වඩා ඇතුළත මේ ජෛව විවිධත්වය මොනවට කියා පාන කරුණු රාශියකි.:D අපි මේ ජිවීන් ගැන එක එකා බැගින් ගෙන කතා කරමු. පහත තොරතුරු චාර්ල්ස් ඩාවින් අර මොකක්දෝ දූපතක කරා වගේ රාමා පරීක්ෂණාත්මක අධ්‍යනයකින් සොයා ගත් කරුණුය. ^_^

  • II රාජසිංහ  ( රජා )


                                           ඕනෑම වැඩක් කැපී පෙනෙන ළමයෙකු ගෙන් ආරම්භ කිරීම සුබය. රජා වනාහී සමූහයක් විදියට ගත් කළ වඩාත් කැපී පේන, සමහරුන්ට අනුව 'ඉන්ට්‍රෙස්ටින්" කොල්ලෙකි :D .රජා ගැන නම් දහසක් දේ කීමට ඇත.:D පළමුවෙන්ම, මම පෙර ලිපියක සඳහන් කළාක් පරිදි රජා යනු රජ කම බලපොරොත්තුවෙන් සිටින කුමාරයෙකි, ඊටත් වඩා ඔහු මාළිගාවේ මාතලී වගේය. සමහර දාට මව් බිසව ආදරයෙන් ඔහුව ගෙදර ගෙන්වා ගන්නේ කොහේ හෝ දුර ගමන් යෑමටය. තවද අලුත විවාහ වූ ජෝඩු මදුසමයට ගෙන යාමටද රජාව උපයෝගී කර ගනියි. රජා ගැන විශ්වාසයෙන්ද නැතිනම් වෙන මොකක් වත් නිසා දැයි රාමාට සැක පහළ වූ වාරද නැත්තේම නොවේ. ;) :D

                               රජා උප්පත්තියෙන් තැනට සුදුසු කටක් ලැබී ඇත. එය මනාව හසුරු වීමට රජා දස්සය. තැනට සුදුසු කට තිබුණාට කොල්ලා නාගන්නා වෙලාවල් නම් සෑහෙන්ට . හැබැයි කට නිසා නොවේ. වැඩ නිසාය. බලන්න ඉහත රූපයේ කොල්ලා වතුර දමන ලස්සන. අයෙ ඉතින් පට්ටය. ^_^

                               රජා සහ රාමා වනාහී විද්‍යාගාර ඉතිහාසයේ පෙරළියක් කළ චරිත දෙකකි. ජිවිතයට විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයකට ගොඩවූ මුල් දවසේ සිටම මේ වෙනස ඇති කිරීමට නොපසුබස්නා වීර්යයෙන් කටයුතු කිරීමට අපි වග බලා ගත්තෙමු :D . දැන් දැන් විද්‍යාගාර නිලධාරීන් පවා අප එන විට අදුනාගන්නා තරම් අපි තැනකට පැමිණ ඇත. කොටින්ම කියනවා නම් උපදෙස් දෙන්නේද අපි ගැන සඳහන් කරලාය. :D " ගිය සතියක ආපු දෙන්නෙක් මෙහෙම කළා. පුළුවන්නම් ඔයාලත් කරගන්න" වැනි ඔවදන් දෙන බවට අපිට ආරංචිය. ^_^ :D .                           

  • ජිලා

                              එදා මෙදා තුර ජිලා යන නාමය සකල දික් භාගයේ පතුරමින් සියලු කොල්ලන්ගේ සිත් දිනාගත් ජිලා ගැන වචන ස්වල්පයක් වත් ලිවිය යුතුය. පැහැපත් සිරුරකින් හා ලස්සන කොණ්ඩයකින් හෙබි ජිලා තව ටිකක් උස ගියේ නම් කෙල්ලොන්ගෙන් ගැලවී සිටීමට නොහැකි වනු නියතය. :D නමුත් දැනට පවතින උස හා මනාව වැඩුණු අඟ පසඟ නිසා කොල්ලෝ පස්සෙන් ඒම වළක්වා ගැනීමට නොහැකිව සිටින ඔහු, පිළිබඳව ලත වෙන බවක් නම් නොදැනේ. ;) :D

                                පේරාදෙණිය විශ්වවිද්‍යාලීය රගර් කණ්ඩායමේ සාමාජිකයකු වන මොහු නොමැතිව තරඟ කිරීමට නොහැකි තත්වයක් පවතී. විචාරකයන් පවා ජිලාව කණ්ඩායමේ නැංගුරම ලෙස හඳුන්වයි :D. පිට්ටනියේ කොනක වතුර බෝතල් රැසක් සමඟින් මනුස්සයා සිටුන දැකීම සුලබ දසුනකි :D.

                               කෙසේ වෙතත් ජිලා එම ක්‍රීඩාවට දක්ෂයෙකි. ජිලා වනාහී මයිල් කැපීමේ විශේෂඥයෙක් ලෙසද නමක් දරා ඇත. Camp එකේ සිටින මුලු කාලයේම කතුරක් හා කණ්ණාඩියක් අතැතිව සිටි ජිලා ළඟින් යන එකෙකුගේ උවද මයිල් කැපීමට තැත් කරයිදෝ යන බිය හැමෝගෙම සිත් සතන් වෙලාගෙන තිබුණි.:D Camp එකේ අයියලා නම් ගොඩක් ජිලා සමඟ කපා ගත් බව ප්‍රසිද්ධ රහසකි.:D මේ සියලු ක්‍රියාකාරකම් මධ්‍යයේ ඔහු Batch top වීමට දිවා රෑ නොබලා වෙහෙසේ. කෙසේ වෙතත් රාමා පවා ඔහුට තරඟයක් දීමට නොහැකි තත්වයකි සිටී. තවද ජිලා ඕනෙම තැනක ඕනෑම ඉරියව්වකින් නිදා ගැනීමට දක්ෂකම් පෙන්වයි. එයට සාක්ෂි දරන පින්තූර රාශියක් අපි හමුවේ ඇත. ඉදිරි දින වලදී එව රස විඳීමට ඔබලාට හැකිවනු ඇත. ;) :D

  • අමිල නිලන්ත


                          අමිල නිලන්ත වනාහී මෙහි සිටින තැන්පත් හා වැදගත් කොල්ලෝ ඉතාම සුලු පිරිසෙන් එකෙකි. බලන්න අහිංසක මුහුණ ^_^. සුසුකි ඇල්ටො රථය තම නිල රථය කරගෙන සිටින මොහු පොලිස් මාමලා ඉදිරියේ U ටර්න් ගැසීම විනෝදාංශයක් ලෙස සිදු කරයි. :D ඇල්ටො රථයේ පස්සට reverse කිරීමේ තිබූ වේග වාර්තා සුණු විසුණු කල මොහු එම වාර්තාව මොහුගේ නමට ගැනීමට ඊයෙ පෙරේදා සමත් විය (ජයේ ට අනුව ;) :D).
 

                         DRAMSOC එකේ නිත්‍ය සමාජිකයෙකු වන මොහු, මොහුට ඇති තැන්පත් වැදගත් පෙනුම නිසාම බොහෝ විට ටිකට් කවුන්ටරේ ළඟ සිටිනු හෝ මිනිස්සු ඉන්දවීම කරනු දැකීම සුලභ දසුන් . :D ගෑල්ළමයින්ගේ සෙස්කිම කොල්ලන් අඩංගු ලැයිස්තුවේ උඩින්ම ඇති නමක් ලෙස අමිල නිලන්ත යන නාමය ඇතැයි කියා විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් රාමාට දැනගන්න ලැබී ඇතත්, ( රාමාට ඕව කොහෙන් කොහෙන් හෝ එන්නේය. ;) ) තවම කොල්ලාට සිකුරා ලබා නැති බවක් පෙනේ. එක්කො මුට ලබලා අපිට පෙන්නන්නේ නැත්ද දන්නේ නැත. :/
 
                             දැන් දැන් විශ්වවිද්‍යාලය පුරා අමිලනිලන්ත රැල්ලක් පටන් ගෙන ඇතැයි රාමාට හැඟේ. මක් නිසාද යත් දැන් ඔහුගේ ව්දියට කොණ්ඩේ රැව්ල කපන අය එමටය. :D නමුත් ඉස්සර හිටියේ අමිල නිලන්ත විතරය. දැන් පිළිමතලාවේ ඕනෙම බාබර් සාප්පුවකට ගොස් අමිලනිලන්ත කට් එක කපන්න කීවම බාබර් ල කැපිය යුත්තේ කෙසේද කියා දන්නා බව රාමාට නිල නොලත් ආරංචි මාර්ග වලින් සැළ වී ඇත. ;) :D

To be continued..!!! :D ;) (හදිස්සියක් නෑනෙ. ටික ටික අනික් අය ගැනත් කියන්නම්කො. :D )

Tuesday, May 27, 2014

අපි, මම හා අපේ ලෝක..!!

(පහත දැක්වෙන අදහස බුදු දහමේ එන අදහසක් වන අතර එය මට හැඟෙන ආකාරය මෙසේ වේ.)



                        අපි මම හා මගේ ලෝකය, මේ කරුණු තුන ඉතා අලංකාර ලෙස එකිනෙක සම්බන්ධ වන වෙන වෙනම පවතින කරුණු තුනකි. මේ තුන සම්බන්ධ වෙන ආකාරද බොහොමයකි.

                       ඔබට ජිවිතයේ එක් වරක් වත් හිතිල තියෙනවද ඔබ, ඔබ නොවන වග. නතිනම් දැන් හිතන්න. ඔබ ඔබමද..?? ඔබ යනු කුමක්ද..? ඔබට ඔබව තේරෙනවාද..?? ඔබ කුමක් මීළගට කුමක් කරයි දැයි ඔබ දන්නවාද..??

                        ඔබ එසේ සිතුවා කියමු. ඔබ, ඔබ කව්ද කියා දන්නවාදැයි සිතමු. ඔබ දන්නවාද ලෝකය ගැන. නිසැකයෙන්ම බොහෝ දෙනෙක් "නැහැ" යයි පවසනු ඇත. ලෝකය යනු කුමක්ද..? එය පැත්තක තියමු. ලෝකය පවතින්නේ කෙසේද..? ඔබ ලෝකය කියා කියන්නේ කුමක්ද..? මේ ගැන අපි ටිකක් බලමු.

                        අපි ලෝකය කියා පවසන්නේ අපේ ඉන්ද්‍රියයන්ට සන්වේද වන දේවලුයි. පරිපූර්ණ මිනිසෙකුට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනුවෙන් සංවේද පහකි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කර ගන්නා කරුණුය. නමුත් බුදු දහමේ මනස ඉන්ද්‍රියක් ලෙස දක්වයි. කෙසේ වෙතත් අපි සාමාන්‍ය තත්වයන් සලකමු.

                        ඇස් අන්ධ මිනිහෙකුට ඔහුගේ ලෝකය කළුවරය. නමුත් ඔහු අනික් අයගෙන් අසා ඇති නිසා ලෝකය වර්ණවත් බව දන්නේය. මෙහිදී ඔහු ලෝකය බලා අත්තේ ඇසෙන් නොව කණෙනි. මේ ආකාරයට, ගොළුවෙක්, බිහිරෙක් ගැනත් සිතන්න. ඔවුන්ගේ ලෝක එකම වන්නේයයි කිව නොහැක. අපි එකිනෙකා ලෝකය දකින විධිය එකම නොවේ. මක් නිසාද යත් ඔබ දකින ලෝකය දකින්නේ ඔබ නොවන නිසාවෙනි.



                        කිව් හරුපය කුමක් දැයි ඔබ දැන් සිතනවා ඇත. මෙය මට හැඟෙන ආකාරයයි. එය මෙසේ පැහැදිලි කරගත හැක. ඔබ එළියට නිරාවරණය නොවූ කාමරයක් තුළ සිරවී සිටිනවායයි සිතන්න. කාමරයෙන් එළියට නිරාවරණය වූ දොරවල් 5ක් ඇත. දොරවල් 5ටම එක එක පුද්ගලයා බැගින් තබා ඇත. ඔබට එළිය බැලිය නොහැකි නමුත් ඔවුන් එළිය බලා ඔබට වෙන දේවල් ගැන විස්තර පවසයි. ඔබ ලෝකය දකින්නේ ඔවුන් ඔබට පවසන දෑ වලිනි. අර අන්ධයා පරිසරයේ වර්ණ දකින්නාක් මෙනි. ඔබත් මෙ වැනිය. දොරවල් පහ පංචේන්ද්‍රියන් වන අතර සන්වේද වන්නේ අපිට තොරතුරු සපයන පුද්ගලයන් වේ. ඔවුන් පවසන දෑ ලෝකය යයි අපි සිතා සිටින්නෙමු. Virtual Reality යන සංකල්පය ක්‍රියාත්මක කල හැක්කේ මේ නිසාවෙනි.

                     මොහොතක් සිතන්න. ඔබට ඔබේ සංවේද ඉන්ද්‍රියන් විශ්වාස කළ හැකිද..? ඒවා පවසන්නේ සත්‍යම දැයි ඔබ දන්නේ කෙසේද..?? මේ ලෝකය සැබැවින්ම අපිට පෙනෙන ඇහෙන දැනෙන ලෝකයමද..? කාට හෝ ඔබේ ඉන්ද්‍රියන් රැවටීමට නොහැකිද..? රැවටුවේ නම් එය දැනගන්නේ කෙසේද..? මේවාට උත්තර ඔබම සොයන්න.
                     සිතන්න. ඔබ විශ්වාස කරන, ලෝකය හැමෝගෙම ලෝකයද..? නැත. එය ඔබේම ලෝකයයි. එනම් ලෝකය ඇරඹුණේ ඔබ එය විඳින්න පටන් ගත් දා පටන් . නිසාමයි ඔබ කැමති දේවල් වලට තවෙකෙක් අකමැති, ඔබට පෙනෙන ලස්සන තව කෙනෙකුට නොපෙනෙන්නේත්.

                    ලෝකය යනු ඔබ ගොඩ නගාගන්නා දෙයකි. එසේ නම් ලෝකය ඇත්තේ ඔබ අවට නොව ඔබ තුළම නොවේද.? ඔබ නැති නම් ලෝකය පවතීද..? නැත. අප විශ්වයේ අනන්ත කෙළවර සෙව්වත් හරි නම් සෙවිය යුත්තේ අපේම අභ්‍යන්තරය නොවේද..? එසේ නම් වඩා වැදගත් වන්නේ අප ගැන සෙවීමද.? ලෝකය ගැන සෙවීමද .? බුදුරජාණන් වහන්සේ පැවසුවේ මෙයයි.



                   ලෝකය පවතින්නේ අප තුළම නම් ලෝකය අපට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකි යුතු නොවේද..? ඇත්තෙන්ම එය කල හැකිය. එයට අවශ්‍ය විශ්වාසය පමණි. විශ්වාසය ඇති තැනැත්තාට වීර්යය කොළෝතින් ලෝකය තමන්ට ඇවැසි ව්දියට වෙනස් කර ගත හැකි බව මා පිළිගනී.

                   ඉහත පැහැදිලි කිරීම තුළින් ලෝකය වෙනදාට වඩා හොඳින් තෙරුම් ගැනීමට ඔබට හැකිවෙනු ඇත (ඔබ මෙ කියූ දෑ පිළිබඳ හොඳින් සිතුවහොත්). මතක තබා ගන්න. ලෝකය යනු ඔබ තුළ පවතින දෙයකි. ඔබ නිතරම වෙනස් වන සුලු බැවින් ( ඔබ පමණක් නොව සියලුම ජීවී අජීවී දෑ මෙයට අයිතිය. මේ සියලු දෑ පවතින්නේ ඔබ තුළම බැවින් ඔබ වෙනස් වන නිසාම එවාද වෙනස් වෙනවා විය හැකිය. නමුත් ගැන හරියටම පැවසීමට මාගේ බුද්ධිය ප්‍රමාණවත් නැත. ඔබත් සිතා බලන්න.) ලෝකයද නිතරම වෙනස් වේ. එම නිසා ලෝකයට අවශ්‍ය පරිදි ඔබ වෙනස් නොවන්න.මන්ද යත් එවිට නැවතත් ලෝකය වෙනස් වන බැවිනි. මෙහිදී ලෝකයට වඩා ඔබ බලවතෙකු යන්න අමතක නොකරන්න. මන්ද ලෝකය ඇත්තේ ඔබේ භාරයේය. ඔබට අවශ්‍ය පරිදි ලෝකය වෙනස් කරගන්න. එමඟින් ඔබට සැබෑ වෙනසක් අත් විඳිය හැක.


.ළි. - මෙය මාගේ ලෝකයේ සිතිවිල්ලක් බැවින් ඔබේ ලෝකය හා මාගේ ලෝකය අතර ගැටුම් ඇති විය හැකිය. ඔබේ ලෝකයේ සිතුම් මගේ ලෝකයේ එවාට වඩා වෙනස් බැවිනි. හරි හෝ වැරදි යන්නට, පහළින් ඔබේ අදහසක් එක් කරන්න. එය මාගේ ලෝකයට ප්‍රයෝජනවත් විය හැක. :)
                       
                        

Friday, May 23, 2014

සිද්ධියක කතාව

                    

                              ජිවිතයේ කෙතරම් නම් සිදුවීම් අපිට වෙලා ඇත් ..?? හැම මොහොතක්ම අපිට එක්තරා සිදුවීමකි.. නමුත් අපි සිදුවීම් ලෙස සලකන්නේ අපිට සතුටක් දැනුණු, එක්කො දුකක් දැනුණු, නැතිනම් ජිවිතයේ අමතක නොවන වැදගත් සිදුවීමකි. එක්කෝ එය මතක තබා ගැනීමට අවශ්‍ය හොඳ දෙයක් වන්නට පුළුවන. නැතිනම් අකැමැත්තෙන් නමුත් මතකයෙන් ඉවත් කර ගැනීමට ඇති නොහැකියාව නිසා තිබෙන දෙයක් වන්නට පුළුවන. කෙසේ වෙතත් මේ සියල්ල අපිට සිදුවීම් .
 
                     එකී මෙකී නොකී සියලුම සිද්ධි පසුපස හැම විටම ඇති නියත දෙයක් ඇත. එහි කතාවයි. සිද්ධියේ අලගිය මුලගිය තැන් අපි මෙහෙදී සිද්ධියේ කතාව යැයි සලකමු. සමහර සිද්ධි වල කතාව අපි දන්නෙමු. නමුත් සමහර සිද්ධි වල කතාව අපි නොදන්නෙමු. අපෙ ජිවිතයේ සමහර සිද්ධි වල කතා අපි නොදන්නා නමුත් රටම දන්නා අවස්ථා නැතුවාම නොවේ. නමුත් ලෝකයාම නොදන්න අප පමණක් දන්නා කතාද ඇත.


                              එකම සිද්ධියක වුවද කතා ගොඩක් තිබෙන්නට පුළුවන්ය. පුද්ගලයාගෙන් පුද්ගලයාට සිද්ධිය බලන ඇස වෙනස් වෙන නිසාවෙනි. නමුත් අවමව සිද්ධියකට කතා 3ක් ඇත. එවා නම්,
          1. අපි අනික් අයට කියන කතාව
          2. අපි අපිටම කියාගන්නා කතාව
          3. සත්‍ය කතාව


                     සිද්ධියක් ගැන තව කෙනෙකුට පවසන විට අපි බෙදා ගන්නේ 1 වෙනි ගණයේ කතාවයි. මෙය 2 වෙනි ගණයේ කථාවේ එක්තරා සංස්කරණයකි. 2 වෙනි ගණයේ කථාවේ සමහර තැන් අඩු කර මෙම කතාව කියනු ලබයි.

                      2 වෙනි ගණයේ කතාවල් අපි අපි ගැන ස්වයං විවේචන කරගන්නා අවස්ථාවලදී අපටම පවසගන්නා කථායි. මෙය 3වෙනි ගණයේ, එනම් සත්‍යම කථාවේ තවත් අනුවාදයකි. මන්ද මෙහි ඇත්තේ සත්‍ය කතාවට වැඩියෙන් කොටස් එකතු වූ හෝ කොටස් අඩු වූ, එක්කො ඔය දෙකම වූ කතාවකි. මෙය අපිවම විවේචනය කර ගැනීමට, අපිවම මුරුංගා අත්තේ තියාගැනීමට හෝ අපිවම සනසා ගැනීමට අපිටම පවසා ගන්නා කතාවකි.

                      එක එක අයගේ සිද්ධිවල කතා එකිනෙක මතින් ගලා යනවා විය හැකිය. එකිනෙක ගැටෙනවා විය හැකිය. සමහර සිද්ධි වල කතා ඉදිරියට ඇදෙනු ඇත. තවත් ඉදිරියට.... එකම කතාව සිද්ධි කීපයකටද මුල පුරනවා විය හැකිය. එවිට එකම කථාවේ කතා කීපයක් ඇත. නමුත් සිද්ධියක් කතා විශාල ප්‍රමාණයකට මුල් වන්නටද පුළුවන. මෙම කතා අවසන් වන්නේද සිද්ධි වලින් විය හැක. නමුත් අවසන් නොවීමටද පුළුවන.


                      කෙනෙකුගේ මෙම කතා සියල්ලම ගත් කල එය ඔහුගේ සම්පූර්ණ ජිවිතය වෙයි. මෙතෙක් සිදුවූ කතාද සිදු වන්නට ඇති සිද්ධීන් වල කතාද යම් සිද්ධියක් කරා ඔබව රැගෙන යන කතාද මෙ වන විට ඔබට ඇත. සිතා බලන්න ඔබ කතා කොපමණක හිමිකරුවෙක්ද කියා.. ඔබේ කතා සියල්ලක්ම ස්වාධීන යයි ඔබ සිතනවාද..?? එවා එසේ නැත. කතාවකට කතාවක් එල්ලී ඇත. හොඳින් සිතා බැලුවොත් ඔබට මෙය අඳුනා ගැනීමට හැකිවනු ඇත.

                  
                        ඔබ සිතන්නේ මෙම කථාවන් ආරම්භ වන්නේ කොහෙ සිටන් කියාද..?? අවසන් වන්නේ කොහේ දී කියාද..?? සමහරක් විට ඔබට ඔබේ කතාවල් ඔබේ උපතින් ආරම්භ වී ඔබේ විපතින් කෙළවර වෙනවායයි සිතෙනු ඇත. එය එසේ නැත. ඔබේ උපත යන සිද්ධියේ කතාව ඇරඹුණේ කෙසේද කියාවත් ඔබ දන්නේ නැත. ඔබේ විපතේ කතාව කෙළවර වන්නේ කුමන සිද්ධියකින්ද යන්න පවා ඔබ දන්නේ නැත. එවා ඔබ නොදන්න නමුත් දන්නා අය සිටින බවද, එම කතාවල් තවත් කතා රාශියකට නෑකම් (සම්බන්ධකම්) කියන බවද, එය සෑහෙන දුරකට විහිදී යන බවද ඔබටම වැටහෙනු ඇත.

                       මෙවිට ලෝකය යනු ඔබ බව ඔබට වැටහෙන්නේද.? ඔබ නොමැති තැන ලෝකයද නොමැත. ලෝකය නිසා ඔබ පවතී කියා ඔබ මෙතෙක් කල් සිතුවානම් එය වෙනස් කරගැනීමට දැන් කාලයයි. ලෝකය පවතින්නේ ඔබ නිසාවෙනි. මුලු ලෝකයම ඔබ, ඔබේ කතා, ඔබේ සිද්ධීන් මත සංකේන්ද්‍රගත වී ඇත. ලෝකයේ මැද ඔබය. එසේනම් ඔබට අවශ්‍ය පරිදි ලෝකය වෙනස් කල හැකියි නේද..? එය අපි වැනි කුඩා මනසකට ප්‍රායෝගික නොවුණත් එය ප්‍රායෝගික වන මනස් තිබිය නොහැකි නැත. එසේ නම් මේ ලෝකය යනු ඔබම නොවේද..?? සිතා බලන්න.

අවසානයේ මා මෙසේ පවසමි. 
"ඔබ නැමැති සිද්දියේ කතාව යනු ලෝකයයි."




             
.ළි. - නිකමට සිතා බලන්න. මේ විශ්වයම අපේ ලෝකය නම් තවත් විශ්ව තිබිය නොහැකිද..?? අපිට සමාන්තරව තවත් ලෝක කොපමණ ඇත් ..? (මා මෙහි පැවසුවේ විද්‍යා ප්‍රබන්ධවල පවසන සමාන්තර ලෝක නොවේ. පැවසුවෙ කුමක්දැයි ඔබම සිතන්න. )