Thursday, May 22, 2014

අපේ මැනිලි..!!

                            රාමා උදේම ඇහැරුණේ අද නම් කරනවා Surwaying පැලෙන්ඩ යයි සිතා ගෙනමය. උද්යෝගයෙන් කුල්මත්ව සිටි රාමා ඇඳුම් එහෙම මැදගෙන 6.30 ගෙදරින් පිට උනේය. කොහොමෙන් කොහොම, යන්තන් 8.03 වෙද්දි මනුස්සයා ලැබ් එකට පැන ගත්තේය

                              රාමාගේ අතිජාත සගයන් සහ ලැබ් සගයන් වන කළුවා සහ රාජසිංහ යන් දත් මිටි කමින් ඉන්නවෝය.
 

                                                " ෆෝන් එක ආන්සර් කරපන් යකෝ.."

සුමුදුරු වදන් රාජසිංහ යන් ගෙනි.රාමාගේ අහිංසක හිනාව දමා ශේප් එකේ ඉදගත්තේය. ^_^


                              මොවුන් දෙදෙනා ගැන යමක් නොකියාම බැරිය. කළුවා වනාහී ශරීර වර්ණයෙන් පැහැපත් පුද්ගලයෙකි. ගොම්මන් වෙලාවට ඇස් දෙක හා දත් සෙට් එක පමණක් පෙනෙන අතර රැව්ල් හා කොණ්ඩෙ වවාගෙන සිටී. ලොකේම කා වතුර බී ඇති මොහු එළ කොල්ලෙකි

                               රාජසිංහ යන් ගැන පවසනවානම් සියල්ල කණපිටය. වැඩිය ඕනෑම නැත. එහෙම්මම කණපිටය. එත් ඔහුද එලම කොල්ලෙකි. කැපී පෙනෙන චරිතයකි. :D

                                දැන් ඒවා ඇතිය. කතාවට නැවතත්. කොහොමෙන් කොහොමහරි බඩු ටිකත් ඉල්ලාගෙන මනින්නට එළි බැස්සෙමු. ඉන්ස්ට්‍රක්ටර් මැඩම් කෙනෙකි. මඩම්ලා සමහ ෂේප් නොමැත. සිරාවටම ඔනේය. මනින්න ඔනෙ තැන් බලා ගත්තේය. 5mm දෝෂය උපරිම බව කිවාය. හා කියා පිළිගත්තෙමු. (වැඩ්ඩො වගේ.. :D

                                වැඩේ පටන් ගත්තෙමු. රජා සහ මම මිනුම් පොල්ල අල්ලා ගෙන සිටීමට ගියෙමු. රජා කිවාට උට තාම රජකම නම් ලැබී නැත. පිය රජතුමා තවම නේකශීයෙන් විරාජමානව වැඩ සිටී.. මුට යුවරජ පට්ටම වගේ එකක් ඇත. නමුත් ඒකත් නමටය. ගොඩක් දුරට මාතලී ලෙස කටයුතු කරයි.

                                  අපි දෙන්නා සෑහෙන වෙලාවක් පොල්ල අල්ලන් සිටියාට එකෙක් වත් මිනුමක් ගන්න පාටක් නැත. ටික වෙලාවකින් කලුවා අත වනා කතා කරේය.

                                                      "මචන් අර කතිරෙ නෑනෙ....?? "


                                                      " මල *#!$#තයි.. !! කෝ බලපන්.."

                                 කියාගෙන මාත් එබී බැලුවෙමි. කතාව සිරාය. බඩු නැත.නිකමට වගේ "උඹ මේකෙ උපනෙත focus කරාද..?? " ඇසුවෙමි. "අහ් ඒකත් කොරන්න ඕනෙද..??" ඒකා මගෙන් අසයි. සීන් එක තේරුණේ එවිටය. උපනෙත කැරකවූ විට මෙන්න කතිරෙ තියනවාය. වැඩ්ඩා සේ මාත්  පාඨාංක එහෙම ගන්නා ලදී. ;)

                           වැඩේ දිගටම කෙරීගන යන විට කලුවා "ගනින්කො මගෙ පොටෝ එකක් මෙකෙන් බලද්දි.." කිවේය.
                           අපේ උන් සියල්ලටම පාහේ කැමරාවක් දැකපු ගමන් නලියාගෙන එන සීන් එකක් තියනවාය. විශේෂයෙන් ඔය ගෑල්ලමයි ටිකටය. කැමරාවක් දක්කොත් අනික් හැම දේම අමතකය. කැමරාව දුටු සැනින් මුන්ගේ ඇඟවල් වලට කිති කැවෙන සීන් එකක් වේ. එවිට එක එක ඉරියව් වලින් එය අල්ලන්න යැයි කියා එක එක විකාරරූපී ඉරියව් වලින් පොටො අල්ලයි. කොච්චර ගැහුවත් අර මූනත්තහඩුවමය. වෙනසක් නැත. නමුත් පිහිටීම් වෙනස් ය. 

                         එච්චරටම නැතත් කළුවාගෙ වදනින් පසු අරකෙන් බලනවා පොටො එකක් ගන්නම සිතුණේ
කළුවා බලමින්. මටත් පොඩි පෝස් එකක් දාන්න හිතුනේය.

මම බලමින්. රජාටත් අන්තිමේදි රාමට කුඩේ අල්ලන්න උනේය. ;)
 
 
ධනුෂ්කයාටද කුඩේ අල්ලන්නට උනේ රජාටමය.

                 
රජා ද බලමින්. ඕකා කට අරන් ඉන්නේ ඇයි දැයි නොදනිමි. නමුත් ඔකෙන් බලන හැම විටම ඇරගෙන නම් සිටියේය.
                             ඔතනින් වැඩේ නැවතුනේ නැත. ඊලඟ බිහිසුණු අදහස රාමාගෙනි.

                                     "අඩෝ අපි සෙල්ෆී එකක් ගම්මු.. " :D 
                                                                       කස්ටිය එක පයින් ය. අර දෙනෝදාහක් මද්‍යයේ අපිත් ටෙලස්කෝප් එකත් අල්ලගෙනම සෙල්ෆී එක ගත්තෙමු.



                            ඕවා අස්සේ ගහක කොලක ලස්සනක් දක්කාම රාමාට නලියන්න ගනී. එවායේ ප්‍රතිපල පහත වේ. (එඩිට් කොර නොමැත. )


                           ඔහොම ඔහොම කොහොමහරි මැනලා ඉවර කලේය. පිස්සු නටුවට ඉස්සරලාම ඉවරකරෙත් අපිය. පොරවල් සේ ගාන හැදුවෙමු.

         "මගුලයි..!!!!!"
                           
                  ඔක්කොලාටම දෝශය 60 mm ඒ.. 5 mm වල කෑලිත් නැත. මැඩම්ලා දරුණුය. ආපහු මනින්නට දෙන්න පුලුවන. ඒ කට්ට නම් ආයෙම කන්න බැරිය.                  

             "අපෝ මෙ ඕක නම් ආපහු කරන්න බෑ.. මෙන්න මෙහෙ දීපන් ඔබ්සවේශන් ශීට් එක.."  

                                   

                        කලුවාගේ කුරිරු දෑත් වලින් අර දත්ත වලට බලහත්කාරකම් වෙනවා බලනවා ඇරෙන්නට අපිට කරගන්නට දෙයක් තිබුනේම නැත. 
                   "අඩෝ අපි කරා වගේ තියෙන්න එපැයි. 20 mm වගෙ එරර් එකක් තියමු.. ;) "

මැඩම් ට ඉදිරිපත් කලේය.
       " කමක් නෑ. පොඩි එරර් එකක්නෙ. එරර් එක කරෙක්ට් කරල දාන්න ඔයගොල්ලො."

                 හිතට දැනුණු සහනය කියා නිම කල නොහැක. පට්ටය. :D සතුට කොච්චර වීද යත් කට්ටිය තණකොළ බිස්ස උඩ ඉඳගෙන වැඩේ ඉවරයක් කරාට පසු තවත් පොටෝ ගත්තේය..:D බලන්න සතුටු මුහුණු.. ^_^ 









                                          ඔන්න ඔහොමයි අපි මැන්නෙ..!! :D

2 comments: