ඇතැම් විට ආදරය,
අකාලයේ අපව වියපත් කරයි.
නැතිනම්,
තාරුණ්‍යය දැනටමත් ගෙවී ඇත්නම්,
ආදරය,
අපට එය ලබා දෙයි.
නමුත්
මා කෙසේ නම් ඒ නිමේශයන් අමතක කරලන්නද..?
එබැවින්, දුක,
අහිමි වූ ලාලෂාවටත්,
හුදකලාව,
ස්මරණයන්ටත්,
හැරවීමට උත්සහ කරමින් මම මෙය ලියමි.
මේ පුවත මටම කියාගත්තායින් ඉක්බිතිව මට එය පියෙද්‍රාවට වීසි කළ හැකිය.
එවිට පමණක්
- එක් සාන්තුවරයෙකු පවසා ඇති පරිදි -
"ගිනිදළුවලින් ලියූ දේ වතුරින් නිවී යාවි."
.
.
.
හැම කතාවක්ම එක වගේ.....!!
- පියෙද්‍රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි.
පාවුලෝ කොයියෝ
පාවුලෝ කොයියෝ


0 අදහස්:
Post a Comment