ජිවිතයේ කෙතරම් නම් සිදුවීම් අපිට වෙලා ඇත් ද..?? හැම මොහොතක්ම අපිට එක්තරා සිදුවීමකි.. නමුත් අපි සිදුවීම් ලෙස සලකන්නේ අපිට සතුටක් දැනුණු, එක්කො දුකක් දැනුණු, නැතිනම් ජිවිතයේ අමතක නොවන වැදගත් සිදුවීමකි. එක්කෝ එය මතක තබා ගැනීමට අවශ්‍ය හොඳ දෙයක් වන්නට පුළුවන. නැතිනම් අකැමැත්තෙන් නමුත් මතකයෙන් ඉවත් කර ගැනීමට ඇති නොහැකියාව නිසා තිබෙන දෙයක් වන්නට පුළුවන. කෙසේ වෙතත් මේ සියල්ල අපිට සිදුවීම් ය.
එකී මෙකී නොකී සියලුම සිද්ධි පසුපස හැම විටම ඇති නියත දෙයක් ඇත. ඒ එහි කතාවයි. සිද්ධියේ අලගිය මුලගිය තැන් අපි මෙහෙදී සිද්ධියේ කතාව යැයි සලකමු. සමහර සිද්ධි වල කතාව අපි දන්නෙමු. නමුත් සමහර සිද්ධි වල කතාව අපි නොදන්නෙමු. අපෙ ජිවිතයේ සමහර සිද්ධි වල කතා අපි නොදන්නා නමුත් රටම දන්නා අවස්ථා ද නැතුවාම නොවේ. නමුත් ලෝකයාම නොදන්න අප පමණක් දන්නා කතාද ඇත.
එකම සිද්ධියක වුවද කතා ගොඩක් තිබෙන්නට පුළුවන්ය. ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට සිද්ධිය බලන ඇස වෙනස් වෙන නිසාවෙනි. නමුත් අවමව සිද්ධියකට කතා 3ක් ඇත. එවා නම්,
1. අපි අනික් අයට කියන කතාව
2. අපි අපිටම කියාගන්නා කතාව
3. සත්‍ය කතාව
2 වෙනි ගණයේ කතාවල් අපි අපි ගැන ස්වයං විවේචන කරගන්නා අවස්ථාවලදී අපටම පවසගන්නා කථායි. මෙය 3වෙනි ගණයේ, එනම් සත්‍යම කථාවේ තවත් අනුවාදයකි. මන්ද මෙහි ඇත්තේ සත්‍ය කතාවට වැඩියෙන් කොටස් එකතු වූ හෝ කොටස් අඩු වූ, එක්කො ඔය දෙකම වූ කතාවකි. මෙය අපිවම විවේචනය කර ගැනීමට, අපිවම මුරුංගා අත්තේ තියාගැනීමට හෝ අපිවම සනසා ගැනීමට අපිටම පවසා ගන්නා කතාවකි.
එක එක අයගේ සිද්ධිවල කතා එකිනෙක මතින් ගලා යනවා විය හැකිය. එකිනෙක ගැටෙනවා විය හැකිය. සමහර සිද්ධි වල කතා ඉදිරියට ඇදෙනු ඇත. තවත් ඉදිරියට.... එකම කතාව සිද්ධි කීපයකටද මුල පුරනවා විය හැකිය. එවිට එකම කථාවේ කතා කීපයක් ඇත. නමුත් සිද්ධියක් කතා විශාල ප්‍රමාණයකට මුල් වන්නටද පුළුවන. මෙම කතා අවසන් වන්නේද සිද්ධි වලින් විය හැක. නමුත් අවසන් නොවීමටද පුළුවන.
කෙනෙකුගේ මෙම කතා සියල්ලම ගත් කල එය ඔහුගේ සම්පූර්ණ ජිවිතය වෙයි. මෙතෙක් සිදුවූ කතාද සිදු වන්නට ඇති සිද්ධීන් වල කතාද යම් සිද්ධියක් කරා ඔබව රැගෙන යන කතාද මෙ වන විට ඔබට ඇත. සිතා බලන්න ඔබ කතා කොපමණක හිමිකරුවෙක්ද කියා.. ඔබේ කතා සියල්ලක්ම ස්වාධීන යයි ඔබ සිතනවාද..?? එවා එසේ නැත. කතාවකට කතාවක් එල්ලී ඇත. හොඳින් සිතා බැලුවොත් ඔබට මෙය අඳුනා ගැනීමට හැකිවනු ඇත.
ඔබ සිතන්නේ මෙම කථාවන් ආරම්භ වන්නේ කොහෙ සිටන් කියාද..?? අවසන් වන්නේ කොහේ දී කියාද..?? සමහරක් විට ඔබට ඔබේ කතාවල් ඔබේ උපතින් ආරම්භ වී ඔබේ විපතින් කෙළවර වෙනවායයි සිතෙනු ඇත. එය එසේ නැත. ඔබේ උපත යන සිද්ධියේ කතාව ඇරඹුණේ කෙසේද කියාවත් ඔබ දන්නේ නැත. ඔබේ විපතේ කතාව කෙළවර වන්නේ කුමන සිද්ධියකින්ද යන්න පවා ඔබ දන්නේ නැත. එවා ඔබ නොදන්න නමුත් දන්නා අය සිටින බවද, එම කතාවල් තවත් කතා රාශියකට නෑකම් (සම්බන්ධකම්) කියන බවද, එය සෑහෙන දුරකට විහිදී යන බවද ඔබටම වැටහෙනු ඇත.
මෙවිට ලෝකය යනු ඔබ බව ඔබට වැටහෙන්නේද.? ඔබ නොමැති තැන ලෝකයද නොමැත. ලෝකය නිසා ඔබ පවතී කියා ඔබ මෙතෙක් කල් සිතුවානම් එය වෙනස් කරගැනීමට දැන් කාලයයි. ලෝකය පවතින්නේ ඔබ නිසාවෙනි. මුලු ලෝකයම ඔබ, ඔබේ කතා, ඔබේ සිද්ධීන් මත සංකේන්ද්‍රගත වී ඇත. ලෝකයේ මැද ඔබය. එසේනම් ඔබට අවශ්‍ය පරිදි ලෝකය වෙනස් කල හැකියි නේද..? එය අපි වැනි කුඩා මනසකට ප්‍රායෝගික නොවුණත් එය ප්‍රායෝගික වන මනස් තිබිය නොහැකි නැත. එසේ නම් මේ ලෝකය යනු ඔබම නොවේද..?? සිතා බලන්න.
අවසානයේ මා මෙසේ පවසමි.
"ඔබ නැමැති සිද්දියේ කතාව යනු ලෝකයයි."
ප.ළි. - නිකමට සිතා බලන්න. මේ විශ්වයම අපේ ලෝකය නම් තවත් විශ්ව තිබිය නොහැකිද..?? අපිට සමාන්තරව තවත් ලෝක කොපමණ ඇත් ද..? (මා මෙහි පැවසුවේ විද්‍යා ප්‍රබන්ධවල පවසන සමාන්තර ලෝක නොවේ. පැවසුවෙ කුමක්දැයි ඔබම සිතන්න. )


Hmmm obata sapekshawa oba lokaye mada sitiy. Obe as walin dakina lokaya obata wenas kala haka. Namuth ema wenasa nirapeksha wu lokayakata sama witama daneida yanna gatalusahagathaya,
ReplyDeleteප්රශ්නය නිරපේක්ෂ වීමට ලෝකයක් තියනවාද යන්නයි. මට නම් හැඟෙන්නේ එසේ නොමැති බවයි. ලෝකය තියෙන්නේ අපි තුලම යන්න මාගේ අදහසයි. Schrödinger's cat සංකල්පය සලකා පොඩ්ඩක් හිතා බලන්න. :)
ReplyDeleteHmm e kiyanne apita penena ahena danena hama dema apita sapekshai kiyana ekada? Attatama ehema deyak na kiyana ekada? Cat eka gana nan hitenne minissu sakshi natuwa oniwata wada issarahata yanawa kiyala science wala.
ReplyDeleteසාක්ෂි ඕනෙ යමක් ඔප්පු කරන්නනේ.. මෙතන තියෙන්නෙ සංකල්පයක්. ඒව ඔප්පු කරන්න පුලුවන් දේවල් නෙමේ. Schrödinger's cat සංකල්පය පවතින දෙයක් ගැන දෙයක් නොවෙන නිසා ඔප්පු කිරීමක් හෝ නොකිරීමක් කල නොහැකියි.
Delete