Tuesday, May 27, 2014

අපි, මම හා අපේ ලෝක..!!

(පහත දැක්වෙන අදහස බුදු දහමේ එන අදහසක් වන අතර එය මට හැඟෙන ආකාරය මෙසේ වේ.)



                        අපි මම හා මගේ ලෝකය, මේ කරුණු තුන ඉතා අලංකාර ලෙස එකිනෙක සම්බන්ධ වන වෙන වෙනම පවතින කරුණු තුනකි. මේ තුන සම්බන්ධ වෙන ආකාරද බොහොමයකි.

                       ඔබට ජිවිතයේ එක් වරක් වත් හිතිල තියෙනවද ඔබ, ඔබ නොවන වග. නතිනම් දැන් හිතන්න. ඔබ ඔබමද..?? ඔබ යනු කුමක්ද..? ඔබට ඔබව තේරෙනවාද..?? ඔබ කුමක් මීළගට කුමක් කරයි දැයි ඔබ දන්නවාද..??

                        ඔබ එසේ සිතුවා කියමු. ඔබ, ඔබ කව්ද කියා දන්නවාදැයි සිතමු. ඔබ දන්නවාද ලෝකය ගැන. නිසැකයෙන්ම බොහෝ දෙනෙක් "නැහැ" යයි පවසනු ඇත. ලෝකය යනු කුමක්ද..? එය පැත්තක තියමු. ලෝකය පවතින්නේ කෙසේද..? ඔබ ලෝකය කියා කියන්නේ කුමක්ද..? මේ ගැන අපි ටිකක් බලමු.

                        අපි ලෝකය කියා පවසන්නේ අපේ ඉන්ද්‍රියයන්ට සන්වේද වන දේවලුයි. පරිපූර්ණ මිනිසෙකුට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනුවෙන් සංවේද පහකි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කර ගන්නා කරුණුය. නමුත් බුදු දහමේ මනස ඉන්ද්‍රියක් ලෙස දක්වයි. කෙසේ වෙතත් අපි සාමාන්‍ය තත්වයන් සලකමු.

                        ඇස් අන්ධ මිනිහෙකුට ඔහුගේ ලෝකය කළුවරය. නමුත් ඔහු අනික් අයගෙන් අසා ඇති නිසා ලෝකය වර්ණවත් බව දන්නේය. මෙහිදී ඔහු ලෝකය බලා අත්තේ ඇසෙන් නොව කණෙනි. මේ ආකාරයට, ගොළුවෙක්, බිහිරෙක් ගැනත් සිතන්න. ඔවුන්ගේ ලෝක එකම වන්නේයයි කිව නොහැක. අපි එකිනෙකා ලෝකය දකින විධිය එකම නොවේ. මක් නිසාද යත් ඔබ දකින ලෝකය දකින්නේ ඔබ නොවන නිසාවෙනි.



                        කිව් හරුපය කුමක් දැයි ඔබ දැන් සිතනවා ඇත. මෙය මට හැඟෙන ආකාරයයි. එය මෙසේ පැහැදිලි කරගත හැක. ඔබ එළියට නිරාවරණය නොවූ කාමරයක් තුළ සිරවී සිටිනවායයි සිතන්න. කාමරයෙන් එළියට නිරාවරණය වූ දොරවල් 5ක් ඇත. දොරවල් 5ටම එක එක පුද්ගලයා බැගින් තබා ඇත. ඔබට එළිය බැලිය නොහැකි නමුත් ඔවුන් එළිය බලා ඔබට වෙන දේවල් ගැන විස්තර පවසයි. ඔබ ලෝකය දකින්නේ ඔවුන් ඔබට පවසන දෑ වලිනි. අර අන්ධයා පරිසරයේ වර්ණ දකින්නාක් මෙනි. ඔබත් මෙ වැනිය. දොරවල් පහ පංචේන්ද්‍රියන් වන අතර සන්වේද වන්නේ අපිට තොරතුරු සපයන පුද්ගලයන් වේ. ඔවුන් පවසන දෑ ලෝකය යයි අපි සිතා සිටින්නෙමු. Virtual Reality යන සංකල්පය ක්‍රියාත්මක කල හැක්කේ මේ නිසාවෙනි.

                     මොහොතක් සිතන්න. ඔබට ඔබේ සංවේද ඉන්ද්‍රියන් විශ්වාස කළ හැකිද..? ඒවා පවසන්නේ සත්‍යම දැයි ඔබ දන්නේ කෙසේද..?? මේ ලෝකය සැබැවින්ම අපිට පෙනෙන ඇහෙන දැනෙන ලෝකයමද..? කාට හෝ ඔබේ ඉන්ද්‍රියන් රැවටීමට නොහැකිද..? රැවටුවේ නම් එය දැනගන්නේ කෙසේද..? මේවාට උත්තර ඔබම සොයන්න.
                     සිතන්න. ඔබ විශ්වාස කරන, ලෝකය හැමෝගෙම ලෝකයද..? නැත. එය ඔබේම ලෝකයයි. එනම් ලෝකය ඇරඹුණේ ඔබ එය විඳින්න පටන් ගත් දා පටන් . නිසාමයි ඔබ කැමති දේවල් වලට තවෙකෙක් අකමැති, ඔබට පෙනෙන ලස්සන තව කෙනෙකුට නොපෙනෙන්නේත්.

                    ලෝකය යනු ඔබ ගොඩ නගාගන්නා දෙයකි. එසේ නම් ලෝකය ඇත්තේ ඔබ අවට නොව ඔබ තුළම නොවේද.? ඔබ නැති නම් ලෝකය පවතීද..? නැත. අප විශ්වයේ අනන්ත කෙළවර සෙව්වත් හරි නම් සෙවිය යුත්තේ අපේම අභ්‍යන්තරය නොවේද..? එසේ නම් වඩා වැදගත් වන්නේ අප ගැන සෙවීමද.? ලෝකය ගැන සෙවීමද .? බුදුරජාණන් වහන්සේ පැවසුවේ මෙයයි.



                   ලෝකය පවතින්නේ අප තුළම නම් ලෝකය අපට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකි යුතු නොවේද..? ඇත්තෙන්ම එය කල හැකිය. එයට අවශ්‍ය විශ්වාසය පමණි. විශ්වාසය ඇති තැනැත්තාට වීර්යය කොළෝතින් ලෝකය තමන්ට ඇවැසි ව්දියට වෙනස් කර ගත හැකි බව මා පිළිගනී.

                   ඉහත පැහැදිලි කිරීම තුළින් ලෝකය වෙනදාට වඩා හොඳින් තෙරුම් ගැනීමට ඔබට හැකිවෙනු ඇත (ඔබ මෙ කියූ දෑ පිළිබඳ හොඳින් සිතුවහොත්). මතක තබා ගන්න. ලෝකය යනු ඔබ තුළ පවතින දෙයකි. ඔබ නිතරම වෙනස් වන සුලු බැවින් ( ඔබ පමණක් නොව සියලුම ජීවී අජීවී දෑ මෙයට අයිතිය. මේ සියලු දෑ පවතින්නේ ඔබ තුළම බැවින් ඔබ වෙනස් වන නිසාම එවාද වෙනස් වෙනවා විය හැකිය. නමුත් ගැන හරියටම පැවසීමට මාගේ බුද්ධිය ප්‍රමාණවත් නැත. ඔබත් සිතා බලන්න.) ලෝකයද නිතරම වෙනස් වේ. එම නිසා ලෝකයට අවශ්‍ය පරිදි ඔබ වෙනස් නොවන්න.මන්ද යත් එවිට නැවතත් ලෝකය වෙනස් වන බැවිනි. මෙහිදී ලෝකයට වඩා ඔබ බලවතෙකු යන්න අමතක නොකරන්න. මන්ද ලෝකය ඇත්තේ ඔබේ භාරයේය. ඔබට අවශ්‍ය පරිදි ලෝකය වෙනස් කරගන්න. එමඟින් ඔබට සැබෑ වෙනසක් අත් විඳිය හැක.


.ළි. - මෙය මාගේ ලෝකයේ සිතිවිල්ලක් බැවින් ඔබේ ලෝකය හා මාගේ ලෝකය අතර ගැටුම් ඇති විය හැකිය. ඔබේ ලෝකයේ සිතුම් මගේ ලෝකයේ එවාට වඩා වෙනස් බැවිනි. හරි හෝ වැරදි යන්නට, පහළින් ඔබේ අදහසක් එක් කරන්න. එය මාගේ ලෝකයට ප්‍රයෝජනවත් විය හැක. :)
                       
                        

3 comments:

  1. Patta mchn sahena dada... mata eka prashnayak tyenne. Anik hama indriyakinma danena dewal apita sapekshai kiyanna puluwan. Udaharanayak widihata ahen dakina pata walata e nam deela tyenne apine. Namuth deyak sparsha karala etena e de tiyenawa kiyala kiyanna puluwan. Eka api hadagatta deyakda? Eka apita sapeksha deyak kiyala hitanna amarui ne. Man hitanne mehema qwata oyata man kiyana de terenne nati wei. Man passe kiyannan

    ReplyDelete
    Replies
    1. දැනෙන්නේ අපේ සම මගින් අපිට පණිවිඩේ දෙනකොට නෙ. දෙයක් තිබුනත් නැතත් අපිට දෙන පණිවිඩේ අපි බාරගන්නවනේ. එතකොට එතන දෙයක් තියනව මයි කියල අපි හිතන්නේ කොහොමද..??

      Delete
  2. Allala balala deyak tyenawada nadda kiyala balana ela newei man kiyanne. Sarala udaharanayak gamu bittiyak kiyala. Etana eka nattan apita eka haraha yanna pulan wenna oni neda? Eka sanwedanayak newei. Pratipalayak

    ReplyDelete